කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක විවේක කාළය හොබවමින් ගෝෂාව පාසල පුරා පැතිර ගියා..........පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් කළු පාට B.M.W වර්ගයේ කාරයක් ඉදිරියට ඇදි ගියා.ඒ අසල සිටි ළමයින් දෙතුන් දෙනෙක් කාරය දෙස බලා නැවතත් තමන්ගේ සුපුරුදු කතාවලම නිරත වුනා..........
වාහන අංගනයෙහි නතරකර කාරයෙන් පළමුව එළියට අඩිය තිබ්බේ වයස 46 පමණ මැදිවියේ රැවකට උරැම කම් කියු පුද්ගලයෙක් ..........ඔහු නමින් වරැණ වංශාඨිර..නාමය ඇසුණු සැනින්ම ඕනම කෙනෙක් දන්න අංක එකේ ව්‍යාපාරිකයෙක්...හරිම නිහතමානි සීතල චරිතයක්...ඔහු අද මේ පාසලට ආවේ නම්...තමන්ගේ පුතාව මේ පාසලට ඇතුළත් කරන්න...ඊළඟට කාර් එකෙන් බැස්සේ නම්..වරුණ වංශාඨිරගේ පොඩි පුතා..
ශාක්‍ය අභිනෙත් වංශාධිර....
හරිම අහංකාර චරිතයක්...බලන් ඕනම කෙනෙක්ගේ නෙත් සිත් සොරාගන්න රූපයක්...අත්‍යන්තයෙන්ම හිතුවාකාර චරිතයක් කිව්වොත් හරියටම හරි...කොහොම වුණත් වංශාඨීරට තාමත් තමන්ගේ පුතා අත දරුවෙක් වගේ....ඒ තමයි වංශාඨීර ෆැමිලි එකේ හිතුවාකාර පොඩි පුතා...කොටින්ම කිව්වොත් පවුලේ හුරතලේ..ඒත් මෑතකදි වෙච්ච සිදුවීමක් නිසා.තමන්ගේ පුතාව ඇහේ තියන් හැදුවත්..ඒ හිතේ ඇතිවෙච්ච පැල්ලම මකන්න බැරි තරමටම ශාක්‍යගේ හිතේ ලොකු තුවාලයක් ඇතිකරලා තිබුණා..
තවත් තමන්ගේ පුතාව පරණ ඉස්කෝලෙ තියන්න උනත් වුවමනාවක් නැති උනේ..ශාක්‍ය බලාගෙන ඉද්දි වෙනස් වෙනවා බලන්න බැරිම තැන....වංශාධිරගේ ලොකුම බලාපොරොත්තුව වුණේ තමන්ගේ පුතාව ආයෙමත් පරණ තත්ත්වයට ගන්න එක....
ඉතින් තමන්ගේ පුතාව පාසලට ඇතුලත් කරන්න...ඉදිරියට වැටිලා තියෙන ..කොණිඩෝව දිගේ ඉදිරියට ගමන් ගත්තා.. ශාක්‍ය ඉස්සරහට යද්දී ඉස්සරහින් ආපු කොල්ලෙක්ගේ ඇඟේ හැප්පුනේ තමන්ගෙම වැරැද්දෙන් උනත් තමන් වැරැද්දක් නොකර ගානට ඉස්සරහින් ආපු කොල්ලට කෑ ගැහුවා.....
" ඇස් දෙක කටේ දාගෙනද මිනිහෝ ඇවිදින්නේ? "
ඒ චෝදනාව එල්ල වුණේ නම් පාසලේ හොඳම ශිෂ්‍යයෙකුට...
ඔහු නමින් නෙතග උදෙත් විදුරංග....වචනයේ පරිසමාප්තියෙන්ම ඉටියෙන් නිමවූ රූපයක්...දෙවියන් ආදරයෙන් මවපු ප්‍රතිමූර්තියක්...නාරි දේහය පරයා යන රූපයක්..වර්ණනාවකට පාත්‍ර වුවහොත් නිම කළ නොහැකි රසාස්වාදයක්...සත්‍ය ලෙසම මිහිපිට අරක්ගත් දේව පරානයක්...ව්‍යංගාර්ථයෙන් වුවද දැනවිය නොහැකි පදවැලක්...
" ...සමාවෙන්න.."
රූපයටම කැපවුණු නිවිච්ච හඬක්...ඕනම කෙනෙකු වසඟයට ගත හැකි හිනාවක්...නෙතග ශාක්‍ය හිනාවෙලා ඉස්සරහට ඇවිදගෙන ගියා..ඉස්සරහට ඇවිදගෙන යද්දී ඒ වයසම කියලා කියන්න පුළුවන් තවත් කොල්ලෙක් නෙතගගේ බෙල්ලේ එල්ලුනා ඒ එක්කම ආයෙම හැරිලා ශාක්‍ය දිහා බැලුවා....
" කවුද බං ඒ...අපේ හෙඩ්ට සද්ද දැම්මේ ? "
නෙතඟ කරේ ඒ කිසිම දෙයක් නෑහුනු ගානට ඉස්සරහට ඇවිදගෙන ගියපු එක...ශෙනුක කරේ යාළුවා දිහා බලාගෙන හිටපු එක...විනාඩි කීපයක් ගතවුණු තැන ඇහුණු එකම වචන පෙළ නම්..
" ඉස්කෝලෙට ආපු දෙන්කෝ...මං ඔය ලොකුකම් බස්සවන්න.."
ශෙනුක යනවා කියලා පංතිය පැත්තට දිව්වේ නම් විවේක කාලය අවසන් වුණු තැන...
ශෙනුක මිනුවන් බස්නායක..නෙතගගේ හොඳම යාළුවා..ශරීරයෙන් නම් කෙනෙක්ට කොහෙත්ම කියන්න බැහැ මිනුවන් දහතුන වසර කියලා....හරිම අහිංසක රූපයක් පිහිටලා තිබුණා..එක කුස නොඉපදුනු සහෝදර බැඳීමක්....එයාලුකම බිඳින්න අමාරු හරි අපූරු බන්ධනයක්....
ඉස්කෝලෙට තමන්ගේ පුතාව දාගන්න නම් වංශාධිරට එච්චර අමාරු උනේ නැහැ...මොකද වංශාධිරට ඕනම කෙනෙක් අවංකව ගෞරව කරේ ඒ නිහතමානීකම නිසාමයි...පන්තිභාර සර්ට තමන්ගේ පුතාව බාරදුන්නැයින් පස්සේ...තමන්ගේ රාජකාරියට යන්න වංශාධිර පිටත් වුණා..
" සර් එනවා...සර් එනවා...යකෝ පලයන් පන්තියට.."
එක ළමයෙක් පන්තියට කඩාගෙන බිඳගෙන ආවේ...ඔත්තු බලන්න දාපු කොල්ලගෙ ඉඟිය දැකලා...
" බැහැපන් යකෝ බිමට.."
එහෙම කියාගෙන එතන හිටපු කොල්ලෙක් මේසේ හෙල්ලුවාහම ..ශෙනුක නොවැටි බේරෑනේ තිබ්බ වාසනාවකට....සර් පන්තියට එද්දී නම් හැමෝම හොද ළමයි ගානට පොත් කියවනවා..
" ok boys , ඔන්න මන් අළුත් යාළුවෙක් එක්ක ආවා අදුරගන්න එයාව..."
ශාක්‍ය එයාව පුලුවන් උපරිම කෙටියෙන් හදුන්වා දුන්නා....
" ශාක්‍ය අභිනෙත් වංශාධිර...."
" හරි කොල්ලනේ කෝ ...අපේ අළුත් යාළුවට ඉඩක් දෙන්න."
ශාක්‍යට ඕන වුනේ වැඩිය කැපිලා පේන් නැතුව ඉන්න.
" ශාක්‍ය එන්න මෙතෙන්ට."
ඒ කතා කරපු කෙනා නම් ශාක්‍යට ටිකක් විතර මතක තිබුනා..ඒ තමයි දැන් ටික්කට කලින් ඇගේ හැප්පිච්ච කොල්ලගේ බෙල්ලේ එල්ලුන යාළුවා......
" කොහොමද ශාක්‍ය ශෙනුක මිනුවන්..."
ශාක්‍ය ටිකක් විතර උනන්දුවෙන් මිනුවන් දිහා බැලුවා....හරිම පුංචි රෑපයක් තමයි මිනුවන්ට තිබ්බේ...මිනුවන්ව දැක්කම ඕනම කෙනෙක්ට පේනවා එයා නිරහංකාර බව නම්..ඉතින් ශාක්‍ය මිනුවන්ට හිනා වුනා....
" හ....ඔයා තමයි අපේ හෙඩ්ට සද්දේ දැන්මේ..."
" ආහ් ඒ හෙඩ්ද.....මන් හිතුවේ පොඩි එකෙක් කියලා."
" පොඩි එකෙක්,, ඌ හෙන නපුරුයි."
ඒ සංවාදය බිදලා ඇතුලට ආවේ නම් අර කියපු පොඩි එකා..
කැන්නසය මත සිත්තම් කර රිදී රේඛාවක්..පිළිවලකට ඇදපු නිළ ඇදුමක්....පපුවේ හරියේ පාසලේ ලාංජනයක් එක්ක HP කියලා තහවුරැ කරපු දන්වැල් එල්ලෙන බැජ් එකක්....ඒ දන්වැල් පවා නෙතගට කීකරැයි....
" සර් මන් ඇතුලට එන්නද..? "
" කෝ එන්න එන්න ...මොකද කොල්ලෝ මේ වෙලා තියෙන්නේ..?"
" ආ.. ඒක සර් මේ..මට පළාත් තරගවලට එන්න ලූ."
" ඉතින් කොල්ලෝ ඒක වැරැද්දක් ද..? "
මේ සංවාදේ බිදගෙන මැද්දෙන් පැන්නේ නම් ශෙනුක...ශෙනුක කොහොමටත් කටකාරයි..නෙතගට වුනත් තිබ්බේ මිනුවන්ට පරාද වෙන කටකුත් නෙවෙයි..
" අනේ සර් මුගේ කයිවාරැව.මමත් කිව්වා මුට කොහෙද සර්,අපි කියන ඒවා අහන් නෑනේ...සර් මන් උනානම් යනවා පුදුම කෑලීනේ ඒකට එන්නේ.."
මුලු පන්තියම ඒ කතාවට සූ...සූ ගානවා...මී වදයකට ගල් ගහලා වගේ...
" කට...කට...කෑ ගහන්න එපා..ඈ බොළ කොල්ලෝ...ඔච්චර ආස නම් මොකද බොළ තරග වලට නොදැම්මේ ? "
" මම කරන්නේ චිත්‍රනේ සර්...අපිට ඔය ගහන ගහන පදේට නටන්නත් බෑ පැල් කවි කියන්නත් බෑ."
මිනුවන් එහෙම කියලා හරි උජාරුවට ආඩම්බර වුනා....ඒ ආඩම්බරය තිබ්බේ නම් එක විනාඩියයි...
Hp ඇවිත් පිටට පාරක් ගැහුවා...
" වහගනින් තොගේ වක්කඩේ..."
" ඈ...ඇයි උඹට එපා නම්..මට දීපන්..කවුද බං ඔය වටින අවස්ථාවලට පයින් ගහන්නේ මේවා දේව වරම්.."
ශාක්‍ය නම් හොඳටම තේරුණා දෙන්න යාළුවො බව නම්...නැත්තන් කාටද හයියක් තියෙන්නේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිරිෆෙක්ට් එක්ක එහෙම තරගෙට කියවන්න...වෙන එකෙක් HP එක්ක මිනුවන් තාලෙට කියෙව්වොත් බත් කන්නවත් දතක් ඉතුරු වෙයිද කියන්නම් සැකයි..නෙතග ශාක්‍ය එහා පැත්තෙ ඉඳගෙන පොතක් වෙන්න පටන් ගත්තා.
" ආ...නම මොකක්ද..?,අහන්නත් බැරි උනානේ දැන් ටිකකට කලින් සද්දෙකුත් දැම්මේ නේද..? "
ශාක්‍ය ඒ අහුන දේ වැඩිය ගානකට නොගෙන තමන්ගේ පාඩුවේ පොතක් පෙරලන්න පටන් ගත්තා..මොකද ශාක්‍යයට ඕන උනා ඒ ප්‍රශ්නය මගහරින්නා.
" ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න කට වැඩ කරන්නෙ නැද්ද..? "
ශාක්‍ය නෙතග පැත්තට හැරුණේ කින්ඩියට හිනාවෙන ගමන් ඒකට කැපෙන කතාවකුත් හදාගෙන.
" ඇයි අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නා මං බැඳිලා ඉන්නවද...? "
" මොකක්ද කිව්වේ..? "
නෙතගගේ කටහඬ පොඩ්ඩක් විතර ඒ වෙද්දී වෙනස් වුණා.ඒ උනත් ශාක්‍ය කියන්න හිතුවක්කාර ළමයෙක්.ඒ නිසාම ඒ hp නෙවෙයි කාට වුණත් නැවෙන්න ශාක්‍යට ඕන වුණේ නැහැ..ශාක්‍ය ගාව ඒ තරමටම හිතුවක්කාරකම් උතුරන්න තිබුණා.
" ඇහුණ විදියට තේරෑම් ගන්න."
නෙතගට ආයෙම මොනවත් කියන්න බැරි උනේ english මැඩම් පන්තියට ආපු නිසා.හැම ඉස්කෝලෙම වගේම මේ ඉස්කෝලෙත් හිටියා මැඩම්ට ලයින් දාන සෙට් එකක්...
" oh...සෙමීකා ..my darling."
පිටිපස්සෙ පෝලිමේ හිටපු කොල්ලෙක් රහසින් කිව්වත් ඒ කතාවට මුළු පන්තියටම හිනා ගියා.
" Okay, children, let's start today's lesson."
english ගැන නම් ඉතින් මතක් කරන්න ඕන නැති දෙයක්.මොකද ළමයෙකුට ඉංග්‍රීසි දිරවනවා අඩුයි.ඉංග්‍රීසි පීරියඩ් එක හරිම බොරින්...පන්තියේ හදවතින්ම වැඩකරන ළමයි දෙතුන් දෙනා ඇර english කවුරුවත්ම ඉගෙන ගන්නේ නෑ...හැබැයි ඒ හොඳම ළමයි අතර නෙතග නම් උනන්දුවෙන්ම වැඩ කරනවා. මිනුවන් නම් බරටම වෙන වැඩක්...මිනුවන් ශාක්‍යගේ කනට කරලා විකාර කියවනවා..
" මට තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ සිංහල ලේ...ඒනිසා මම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත්..මම අපේ මුතුන් මිත්තන්ට වංචා කරා වෙනවා..උන් වලවල් වලින් නැගිට්ටොත් මළ කෙලියයි."
ශාක්‍යට මිනුවන් කියපු කතාවට හිනා යන්න ආවත් ශාක්‍ය කට තද කරලා හිනාව නතර කරගත්තා..මොකද ශාක්‍යටත් english දිරවනවා අඩුයි...එහෙම කියලා ඒකේ බැරි කමකුත් නෑ...english මැඩම් දීපු වැඩේ නොකරත් බෑ..එහෙම අවදානමකට ශාක්‍ය ලැස්තිත් නෑ..ඉතින් ඒ නිසාම english පොත දිග ඇරියේ වැඩ කරන්න කියලා හිතාගෙන...හැබැයි හොඳම වැඩේ නම් ඒ පොතේ එකම එක english අකුරක්වත් පේන්න තිබුනෙ න..ඒ වෙනුවට පෙරලන පිටුවක් ගානෙම තිබ්බේ ඇඳපු චිත්‍ර...ඒක දැකලා නෙතගගේ කට කොනට හිනාවක් ආවා.
" හොදට ඉගෙන ගෙන තියෙනවා වගේ.."
ඒ කියපු කතාවට ශාක්‍ය රවලා නෙතග දිහා බැලුවා..
" ඒක මගේ දෙයක්.කවුරුත් වද වෙන්න ඕන නෑ.."
ශාක්‍යගේ ඇස් නැවතුනේ නෙතගගේ පපුවේ තිබ්බ HP ලාංජනය උඩ....ඒක හරි තේජාන්විතව දැවටිලා තියෙනවා...ඒක හරියටම නෙතග වෙනුවෙන්ම මවපු එකක් වගේ ඒ තරමටම ගාම්භීරයි...ශාක්‍යගේ මුණේ හරි ලස්සන හිනාවක් ඇදිලා මැකිලා යනවා නෙතග දැක්කා..
" නෙතග අයියා මියුසික් මැඩම් එන්න කීවා.."
පන්තියට දුවගෙන ආපු ළමයා ඒ ආපු වේගෙටම කීවත් පන්තියේ හිටපු english මැඩම්ව දැකලා ටිකක් විතර බයවුනා.
" සොරි...මැඩම්..සංගීත මැඩම් නෙතග අයියට එන්න කිව්වා."
නෙතග නැගිට්ටේ english මැඩම් යන්න කියපු නිසා..
" හයියෝ....සගෝ...ඔබට නෑ කිසි ගැලවුමක්...ඔය සංගීතය නිසා..ෂුවර් එකටම උඹ එක ආත්මයක ඔය සංගීතයට පාපකර්මයක් කරලා බන්...ඒකයි ඔය පස්සෙන් පන්නන්නේ..කර්ම is a භූමරංග..අපි ඕවට නෑ මම චිත්‍රනේ."
" හිටපංකෝ මම උඹට කරන්න හොඳ වැඩක්.."
" අගෙයි... අගෙයි..අපි බලමුකෝ උඹගේ කෙරුවාව."
නෙතග මිනුවන්ගේ කොණ්ඩෙන් ඇදලා එළියට පැන්නේ music මැඩම්ව හම්බවෙන්න.
" අනේ....අනේ...මේ කොල්ලා ,මොකක්ද මේ කියන කතාව..මේ පාර තරග වලට යන්න බෑ කිව්වට නේද..?"
" ඔව් මැඩම්.මං හිතුවේ එක්සෑම් ළඟ නිසා..පොඩ්ඩක් ඒ පැත්ත බලන්න."
music මැඩම් නෙතගට ලස්සනට හිනා උනා...
" ඔව් කොල්ලෝ..ඒක හරි..වැරදියි කියන්නේ නෑ..මොකද අධ්‍යාපනය තමා මූලිකම දේ..ඒත් මේක ලොකු චාන්ස් එකක් අහක දාන්න එපා අපරාදෙ.."
" ම්ම්ම්..මන් හිතලා බලන්නම්කෝ...මැඩම්."
" හරි ..එහෙනම් නෙතග හිතලා බලන්නකෝ මේ පාර drama එක්ක මික්ස් යන්නේ...පුළුවන් නම් යාළුවො දෙන්නෙක් තුන්දෙනෙකුත් හොයාගන්න."
" ආ...එහෙනම් මැඩම් මිනුවන්වත් ගමුද...හැබැයි එයා..."
නෙතගට කපටි හිනාවක් ආවේ මැඩම් ඒකට හා කියපු නිසා.
" හරි...හොඳයි.. හොඳයි..නෙතගටත් නැට්ට නැතුවම බෑ නේ..මිනුවන් චිත්‍ර නිසා තවත් හොඳයි."
නෙතගට නම් දැනුනේ ඉහේ මලක් පිපුන ගානට....මොකද නෙතග දන්නවා මේ පාර මිනුවන්ට ගැලවීමක් නැති බව...
" මම චිත්‍රනේ...අපිට බෑ ඔය ගහන ගහන පදයට නටන්න.යැයි...යැයි...තමයි."
නෙතග තනියම කියව කියව පන්තියට එද්දි english මැඩම් පන්තියෙන් ගිහින් හිටියා...
" නෙතග උදෙත් විදුරංග වන ..මා..කරන ලද කුමන හෝ පාපකර්මයක් නිසා මෙලෙස දිගින් දිග දිගින් දිගටම සංගීතය මා පසුපස හඹා විත් දඬුවම් පමුණුවයි නම් මමද මෙතන සිටින ශෙනුක මිනුවන් බස්නායක පැවසූ පරිදි චිත්‍ර විෂයක් ලෙස තෝරා ගෙන සිටියා නම්..."
නෙතගගේ කපටි හිනාව දැකලා මිනුවන් කිය කිය හිටපු එක නතර කරලා අවධානයෙන් නෙතග දිහා බැලුවා..
" හරි බන්...මන් තරග යනවා...වගේම මට තව දෙන්නෙක් එක්කන් යන්න special ටිකට් දෙකක් ලැබුණා.ඉතින් රත්තරනේ එකක් උඹට...අනික මේ කටක් නැති මහත්තයට.මේවා ඉතින් දුර්ලභ අවස්ථා."
ශාක්‍යට බිබී හිටපු වතුර එක පිට උගුර ගියේ කියපු කතාව ඇහුනට පස්සේ..
" කැහැක්...කැහැක්.."
මිනුවන් ගිහින් නෙතගගේ කරේ එල්ලුණා.
" අඩෝ..අඩෝ විහිලුවන්නෙ බං කළේ...ඔය වගේ බලු වැඩ කරන්න නම් එපා...මට ඕවා දිරවන්නේ නෑ බං."
නෙතග දැම්මේ හරි අමුතු හිනාවක් ඒ එක්කම ශාක්‍ය ලගට මුණ පාත් කරා..ශාක්‍යට තිබ්බේ හරි ආඩම්බරකාර ලස්සන හිතුවක්කාර රූපයක්...දකින ඕනම කෙනෙක්ට ශාක්‍ය දිහා දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා...ශාක්‍ය කෙනෙක්ට හිනාවුනේ හරිම කලාතුරකින්...ඒකත් හරියට කිරි මුහුද කලකලා ගත්තු අමෘතය වගේ....ශාක්‍ය කියන්නෙම කෙනෙක් දකින්න ආසම හීනයක්.
" හිර කරගන්නැතුව වතුර එක බොන්න...ඔය තියෙන්නේ start එක විතරයි."
ඊළඟ පීරියඩ් ටිකේම ඇහුනේ මිනුවන්ගේ ශාප කිරිල්ලම විතරයි..නෙතගයි මිනිවනුයි හොද රණ්ඩුවක...නෙතග මිනුවන්ට නවය වසරේ වෙච්ච සිද්ධියකට දාගෙන ලැජ්ජා කරනවා...
" හ...අපි බලමුකෝ මාව එයාට ඕන විදියට නටවන්න එයා කවුද.."
ශාක්‍ය තමන්ටම කියා ගන්නවා..පිටින් බලන ඕනම කෙනෙක්ට ශාක්‍ය කියන්නෙම ඉනාවක්.
" මේ....මම ආයෙ කියන්නෑ උඹට...උඹ ඒ බලු වැඩේ කරේ...මම බෑ කියද්දි ස්ටේජ් එකට නැග්ගුවේ..නෑ නෑ ලස්සනයි කියලා හොඳ වෙලාවට ඒ ඉස්කෝලෙ උනේ නැත්තං තක්කාලිකා පාරවල් තව බිත්තර පාරවලුත් කන්න තිබ්බා යස අගේට."
Download NovelToon APP on App Store and Google Play